පෞද්ගලික රෝහල්වලට පමණක් සීමා වූ නළදරු උපත් ලබා ගැනීමේ පහසුකම මාස 03කින් කාසල් රෝහලටත්

 ඉදිරි මාස තුන ඇතුළත, නළ දරු උපත් ලබා ගැනීමේ පහසුකම කාසල් රෝහල තුළ සථාපිත කරන බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසා තිබේ.

දැනට නළ දරු උපත් ලබා ගැනීමේ පහසුකම ඇත්තේ සීමිත පෞද්ගලික රෝහල් කිහිපයක පමණි.

එම රෝහල් ද ඒ සදහා රුපියල් මිලියන දෙකේ සිට රුපියල් මිලියන හතර දක්වා වූ මුදලක් අයකරන බව පැවසේ.

දරුවන් නොමැති කමෙන් පීඩාවට පත් ව සිටි කාන්තාවන්ට සහ පිරිමින්ට මෙම සේවය මහත් අස්වැසිල්ලක් වනු ඇත.