නොසලකා හැර තිබෙන පරපෝෂිතයින් මගින් බෝ වන රෝගයක් වන snail fever පාලනය කිරීම වඩාත් දුෂ්කර වන මට්ටමකට පරිණාමය වෙමින් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.
සෑම වසරකදී ම මෙම රෝගයට ප්‍රතිකාර ලබන මිලියන 250කට ආසන්න පිරිසකගෙන් බහුතරය ජීවත් වන්නේ අප්‍රිකානු කලාපයේ වන අතර, ඊට හේතුව මෙම රෝගය පතුරුවා හරින පරපෝෂිත - වාහක ගොළුබෙල්ලන් එම කලාපයට ආවේණික වීම ය.
නමුත් චීනය, වෙනිසියුලාව සහ ඉන්දුනීසියාව ඇතුළු ලොව පුරා රටවල් 78ක පරපෝෂිත ආසාදනයන් වාර්තා වී ඇත.
පරපෝෂිතයා තුළ සිදුව ඇති වෙනසක් පර්යේෂණ මගින් හෙළි වීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එය අප්‍රිකාවෙන් බැහැර වෙනත් කලාපවලට ද පැතිර යා හැකි බැවින් මෙය ගෝලීයව අවධානය යොමු විය යුතු තත්ත්වයක් බව ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දරිද්‍රතාවයෙන් යුතු ප්‍රදේශවල ජීවත් වන බිලියනයකට අධික ජනතාවකට වැඩි වශයෙන් බලපාන වෛරස්, බැක්ටීරියා, පරපෝෂිතයන් සහ දිලීර නිසා ඇති වන තත්ත්වයන් ඉස්මතු කිරීම අරමුණු කර ගත් ලෝක නොසලකා හරින ලද නිවර්තන රෝග දිනය (World Neglected Tropical Diseases Day) සැමරීමට සමගාමීව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
Snail fever යනු කුමක් ද?
ගොළුබෙල්ලන් විසින් මුදා හරිනු ලබන කීටයන්ගෙන් පිරී ඇති ජලය මිනිසුන්ට හෝ සතුන්ට නිරාවරණය වූ විට Snail fever රෝගී තත්ත්වය හට ගනී. එම කීටයන් සම දිරාපත් කරන එන්සයිම මුදා හරින අතර පසුව එම කීටයෝ සම සිදුරු කරගෙන ශරීරයට ඇතුළු වෙයි.
අනතුරුව ඔවුහු සුහුඹුල් පණුවන් බවට වර්ධනය වෙමින් රුධිර නාල තුළ සිටින අතර පසුව ගැහැනු පරිපෝෂිතයෝ බිත්තර මුදා හරිති.
ඇතැම්විට මෙම බිත්තර මළපහ සහ මුත්‍රා මගින් ශරීරය හරහා ගමන් කරන නමුත් ඒවා පටකවල සිරවීමේ හැකියාවක් පවතී. මෙම බිත්තරවලට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන විට අවසානයේදී ඒ අවට පිහිටි නිරෝගී පටක විනාශ වී යාමෙන් එය අවයවවලට හානිදායක විය හැකි ය.
මෙම බිත්තර ශ්‍රෝණි ආශ්‍රිත අවයවවල සහ අවට ද තැන්පත් විය හැකි අතර, එම තත්ත්වය යූරෝජෙනිටල් ෂිස්ටොසොමියැසිස් (urogenital schistosomiasis) ලෙස හැඳින්වේ. මෙම රෝගී තත්ත්වය නිසා උදරයේ වේදනාව සහ පිළිකා ඇති විය හැකි අතර දරුණු අවස්ථාවලදී මරණයට ද හේතු විය හැක.
Snail fever පරපෝෂිත නාශක ඖෂධ මගින් සුව කළ හැකි අතර, කුඩා දරුවන්, කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් වැනි අවදානම වැඩි කණ්ඩායම් අදාළ ඖෂධ වසර කිහිපයක් ගත වන තුරු ලබා ගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.
නමුත් මලාවි ලිවර්පූල් වෙල්කම් සායනික පර්යේෂණ වැඩසටහනේ සහකාර අධ්‍යක්ෂ මහාචාර්ය ජැනලීසා මුසායා වැනි විද්‍යාඥයින් පවසන්නේ, පරපෝෂිතයන්ගේ නව ආකාර කිහිපයක් වත්මන් වෛද්‍ය ක්‍රමවලින් හඳුනා ගැනීමට නොහැකි බව ය.
තුළ snail fever රෝගීන් වාර්තාවීම 60%කින් පහත වැටිණි.
එහෙත්, මෙම ප්‍රගතිය පවත්වාගෙන යාම සඳහා දිගුකාලීන මුදල් ආධාර අත්‍යවශ්‍ය වන අතර, 2018 සිට 2023 දක්වා කාලය තුළ නොසලකා හරින ලද නිවර්තන රෝග සඳහා වන ආධාර 41%කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
රෝගය මුලින් උපුටා දැමිය හැකි බවට වන බලාපොරොත්තුව මුසායා අතහැර නොමැත.
"අපට මේක සම්පූර්ණයෙන් ම තුරන් කර දමන්න පුළුවන්. නමුත් මේක එක් පුද්ගලයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… අපි නම් ක්‍රියාශීලීව ඉදිරියට යනවා. 'අපට මේ ගැටලුව තියෙනවා, අපි කියන්නේ ඒක දැන් ම විසඳමු කියලා''