ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වා රුපියල් ලක්ෂ පහළොවකට අධික දේපළ සොරකම් කරගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මිතුරා තමන් බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය 19 වැනිදා රාත්‍රියේ හමුවූ බවත් එදින එම පුද්ගලයා තමාට සුවඳ විලවුන් වර්ගයක් ආග්‍රහණය කරවා සිහිසුන් කළ බවත් පසුදින අවදි වී බැලීමේදී තමන් පැලඳ සිටි පවුම් තුනහමාරක් බරැති රන් භාණ්ඩ, තම බැංකු කාඩ්පත ලබාගෙන කාඩ්පතින් රුපියල් දෙලක්ෂ පනස් අට දහසක මුදල්ද ලබාගෙන ඇති බව දැනගත් බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මෙලෙස පැමිණිලි කර ඇත්තේ කෝට්ටේවීදිය බටුහේන ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක සේවය කරන පුද්ගලයෙකි.
