සොබාදහම තමන්ගේ බලය පෙන්වන්න පටන් ගත්තම මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි. රටවල් 22කට බලපාන අසාමාන්‍ය තත්ත්වය මෙන්න.



වෙනදා සාමාන්‍ය ශීතලක් දැනෙන රටවල් පවා මේ පාර අසාමාන්‍ය විදිහට අයිස්වලින් වැහිලා ගිහින්.

ඔන්න බලන්නකෝ ලෝකයම ගල් කරපු මේ දරුණු ශීත කුණාටුවේ අලුත්ම තොරතුරු...

අපි කවුරුත් අලුත් අවුරුද්ද පිළිගත්තේ ලොකු බලාපොරොත්තු ඇතිව වුණත්, 2026 වසරේ ආරම්භයත් එක්කම ආක්ටික් කලාපයෙන් හමා ආපු දරුණු ශීත කුණාටු නිසා මුළු මහත් ලෝකයම ගල් ගැහිලා තියෙනවා. මේ වන විට රටවල් 22කට අධික ප්‍රමාණයක ජනතාව මිලියන ගණනින් පීඩාවට පත්වෙලා.

විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය මේ සති අන්තයේදී මුහුණ දෙන්නේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බිහිසුණු කාලගුණයකටයි.

ප්‍රාන්ත 12කට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා. මිලියන 160කට ආසන්න පිරිසකට හිම පතනය සහ අයිස් වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරලා අවසන්. ප්‍රාන්ත 35ක ජනතාවට මේක ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන් කියලා කාලගුණ අංශ අනාවැකි පල කරනවා.   

අපි කවුරුත් දන්නා උණුසුම් කලාපයක් වන සෞදි අරාබිය, ඕමානය සහ කුවේට් පවා මේ අසාමාන්‍ය ශීතලට මැදි වෙලා. ඊට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, ජපානය සහ චීනය වැනි ආසියාතික රටවල් ,රුසියාව, එංගලන්තය, ජර්මනිය වැනි යුරෝපා රටවල්, මොරොක්කෝව වැනි අප්‍රිකානු කලාපයේ රටවල් පවා මේ සීතලෙන් බේරිලා නැහැ.

රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයට මේ වන විට අඩි 6.5කට අධික හිම පතනයක් සිදුවෙලා තියෙනවා. මෙය වසර ගණනාවකට පසුව ලෝකය මුහුණ දෙන දරුණුම ශීත කාලගුණය විදිහටයි සැලකෙන්නේ.

මේ දරුණු කාලගුණය නිසා බොහෝ රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ අගයන් (Minus Degrees) දක්වා පහත වැටී ඇති අතර දෛනික ජීවිත සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා.