ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදන සම්බන්ධයෙන් ගත් තීරණය

 



ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.


පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවයි.


මේ වනවිට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් දස දහසක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.