දෙසැම්බර් මාසයේ උද්ධමනය ඉහළ ගිහින්

 


ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත්කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇත.


අදාළ වාර්තාවට අනුව ඉකුත් නොවැම්බර් මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 2.9%ක් දක්වා වැඩි වී තිබේ.


එමෙන්ම නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 4.4% ක් දක්වා වැඩි වී ඇත.


ඊට අමතරව නොවැම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා වැඩි වී තිබේ.