රජයේ දොස්තරලා හෙට සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක


දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරුන් හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

​එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් අපොහොසත් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

​අද (25) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ, හෙට (26) පෙරවරු 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.