සමාජ මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකාවට නීති අවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම මේ අදහස් පළ කරන ලදී.
ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය වන විධිමත් නීතියක් තවමත් මෙරට තුළ නොමැති බව අමාත්‍යවරයා පැවසීය.
එනිසා මෙවැනි ගැටලු බොහොමයක් පාලනය කරගැනීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.
ආයුර්වේද නිෂ්පාදන සහ විවිධ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරණයන් පිළිබඳ අදහස් පල කරමින් ඔහු පැවසුවේ දැනට පවතින නීතියට අනුව එවැනි ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නීතිමය පියවර ගැනීමට හැකියාව පවතින බවය.
