ලෝක වෙළඳපොළේ රන්මිලේ අඩුවීමත් සමග මෙරට රන් මිලත් පහළට..

 මේ අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ ඇත්තටම සුවිශේෂී කතාවක්. 



අද ලෝක වෙළඳපොළේ රන්මිලෙහිද සුළු පහළයාමක් වාර්තා වුණා. එවන් පසුබිමක අද මෙරට රන් මිල ගැන ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?

ඊයේ දිනට සාපේක්ෂව මෙරට රන්මිලද අද පහල ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,485,087.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 52,390.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 48,030.00ක් සහ රුපියල් 45,850.00ක් ලෙසයි සඳහන් වූයේ.