තිදෙනෙකුට මරු කැඳවමින්, ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්..

 ලෝකයේ විවිධ තැන්වලින් මේ වගේ සිද්ධීන් මීට පෙරත් වාර්තා වුණා.


මේ අද දවසේ හදවත් කම්පාකළ එවැනිම තවත් සිදුවීමක්.


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට බටහිර දෙසින් පිහිටි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ ලේක් කාජෙලිගෝ (Lake Cargelligo) නගරයේ අද (22) පස්වරුවේ බිහිසුණු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමි වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

නිව් සවුත් වේල්ස් පොලිස් බලකාය සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම් කර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ආරක්ෂක හේතූන් මත අදාළ ප්‍රදේශයට ඇතුළු වීමෙන් වළකින ලෙස පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලිසිය, ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙසට දැඩිව අවවාද කර තිබෙනවා.