ලෝකෙටම කලින් GTA VI සෙල්ලම් කරන්න ලැබුණු එකම කෙනා! - රොක්ස්ටාර් සමාගම තමන්ගේ නීති කඩලා කරපු සංවේදී වැඩේ මෙන්න.

Rockstar Games සමාගම ලෝකයේ බොහෝ දෙනා අතර මේ වන විට ජනප්‍රියයි.

ඊට ආදරය කරන ඔබත් මේ වන විට බොහෝ දුරට මේ ඇසෙන ආරංචියක්. 


මුළු ලෝකයම මහත් නොඉවසිල්ලෙන් බලා සිටින GTA VI ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වීමටත් පෙර, පිළිකා රෝගයකින් පෙළෙන කුඩා දරුවෙකු වෙනුවෙන් එය ලබාදීමට Rockstar Games සමාගම ගත් තීරණය මේ වන විට ලොව පුරා දැඩි කතාබහට මෙන්ම ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙම දරුවා ඉතා දරුණු පිළිකා රෝගයකින් පෙළෙන අතර, වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ 2026 නොවැම්බර් මාසයේදී ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වන තෙක් ජීවත් වීමට තරම් වාසනාවක් ඔහුට නොමැති බවයි. තම ජීවිතයේ අවසාන කාලය ගත කරන මෙම දරුවාගේ එකම බලාපොරොත්තුව වූයේ ලොව ජනප්‍රියම වීඩියෝ ක්‍රීඩාව වන GTA හි නවතම සංස්කරණය අත්විඳීමයි.

දරුවාගේ පවුලේ සාමාජිකයෙකු විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ලද සංවේදී ඉල්ලීමක් කෙරෙහි රොක්ස්ටාර් සමාගමේ විශේෂ අවධානය යොමු වුණා.

සාමාන්‍යයෙන් තමන්ගේ නිර්මාණ නිකුත් කිරීමට පෙර ඉතා රහසිගතව තබා ගන්නා Rockstar සමාගම, මෙහිදී මානුෂීයත්වයට මුල් තැන දෙමින් ක්‍රියා කළා.