IT සේවකයින් රැකියා අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇත්තේ ඇයි?

මාව අයින් කරපු හේතුව මොකක් ද කියලවත් මම දන්නේ නැහැ... මම මෙච්චර මහන්සි වෙලා, මම කැමැත්තෙන් ම වැඩ කරපු තැන..."

මේ, මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ මහා පරිමාණ තොරතුරු තාක්ෂණ සමාගමක සේවයේ නිරතව සිට සේවක කප්පාදුවකට හසුවූ තරුණියකගේ ප්‍රකාශයකි.

බීබීසී සිංහල සමග සංවාදයට එක් වූ ඇයගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා, අපි ඇය 'මායා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු.

සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි ඇය පමණක් නොව, තවත් සේවකයින් සිය ගණනක් මෙම අවදානමට ගොදුරු වී සිටිති.

කේෂේත්‍රයේ ප්‍රමුඛ නිලධාරීන්ගේ අදහස, මෙය එක් සමාගමකට පමණක් සීමා වූවක් නොව ගෝලීය වශයෙන් නිරීක්ෂණය වන ප්‍රවණතාවක් යන්න ය.

මෙය තම වෘත්තීය ජීවිතයේ ඉදිරිය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව මායා වැනි තරුණ තරුණියෝ පවසති.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මෙවැනි අර්බුදයක් නිර්මාණය වීමට හේතුව කුමක් ද? එය ගමන් කරමින් තිබෙන්නේ කොතැනට ද? ඊළඟ සේවක කප්පාදුවේ වින්දිතයෙකු නොවීමට නම් ඔබ කළ යුත්තේ කුමක් ද? සේවකයින් සේවයෙන් පහ කිරීමේ නීතිමය තත්ත්වය කුමක් ද? බීබීසී සිංහල මේ පිළිබඳව විමසා බැලීය.

'වන්දි දීලා නිසා හැමෝගෙ ම කටවල් වැහිලා තියෙන්නේ'
මායා මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස රැකියාවේ නිරත වීමට තෝරා ගත්තේ එම ක්ෂේත්‍රය කෙරෙහි ඇය තුළ වූ ආශාව නිසා ය.
එමෙන් ම, ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අංශය තවමත් ඩිජිටල්කරණය නොවී ඇති පසුබිමක දැනට පවතින සේවක ධාරිතාව ඒ සඳහා ප්‍රමාණවත් නොවනු ඇති බව ඔහුගේ අදහසයි.

"ලංකාවේ අපි ගමු හැම රාජ්‍ය ආයතන... රෝහල්, පාසල්... ඒවා තවමත් ඩිජිටල්කරණය වෙලා නැහැ. ඒවා ඩිජිටල්කරණය කරන්න නම්, දැවැන්ත ශ්‍රම බළකායක් අවශ්‍යයි. ඒ දිහා බැලුවොත් අපිට ධාරිතාව මදි."

බීබීසී සිංහල සමග සංවාදය අවසන් කරමින් තුෂෙර කවුඩවත්ත පැසුවේ, "දැනට තියෙන ගැටලුව උඩ, තීරණයක් අරගෙන අපි කිව්වොත්, නෑ IT නෙවෙයි පාර කියලා, ඒක වැරදි තීරණයක්. මොක ද ITවලට තියෙන ඉල්ලුම, දිගට ම වැඩි වෙනවා."

එසේ වුව ද තමන් ඉදිරියේ ඇති අභියෝග භාර ගැනීමේ සූදානමින් පසුවන මායා වැනි තරුණ තරුණියන් පවසන්නේ, "අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම" වෙනුවට වඩාත් "යුක්තිසහගත" තීරණයක් ආයතනවලට ඔවුන් වෙනුවෙන් ගැනීමට ඕනෑ තරම් අවස්ථාව පැවති බව ය.
කුසලතා පුළුල් කර ගැනීම ගැන අපි වැඩිය අවධානය යොමු කරන්නේ නැහැ," ඔහු පෙන්වා දුන්නේ ය.

සේවාලාභීන්ගේ අවශ්‍යතා මෙන් ම තාක්ෂණයේ සිදුවන වෙනස්කම් අනුව, ආයතන ද වෙනස් වීමට තීරණය කිරීමේදී ඔවුන් ස්වයංක්‍රීයකරණය කළ හැකි රැකියා පළමුව ඉවත් කරන බවත් එය පහසු ම තැනින් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

වැඩ කරන පැය ගණනින් පසු 'කාර්යාලයෙන් විසන්ධි වීමට' සේවකයින්ට අයිතියක්
"ආයතන ඒ වෙනස කරද්දී ඔවුන්ට අවශ්‍ය වෙනවා සේවකයෝ නව තාක්ෂණය වැළඳ ගන්න. අපි හිතමු එයාලා AI පාදක කරගත් ඩිජිටල් පරිවර්තන විසඳුම්වලට මාරු වෙනවා කියලා... එතකොට එයාලා කියනවා, හරි ඔයාලගේ ස්කිල් එක මේක, ඔයාට ඒක අප්ග්‍රේඩ් කර ගන්න පුළුවන් ද කියලා."

එවැනි අවස්ථාවලදී සේවකයින් තරමක් පසුගාමී වන බව ඔහු පෙන්වා දුන්නේ ය.

"කෙලින් ම කියන්නේ නැහැ මට කරන්න බැහැ කියලා. නමුත් ඔවුන් ඇත්තට ම ඒක අභියෝගයක් කරගෙන තමන්ව වෙනස් කරගන්නේ නැහැ. එතකොට වෙන්නේ අර ඔටෝමේට් කරන්න පුළුවන් රැකියා ටික හෙමින් අඩු වෙනවා."

මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ මහාචාර්ය ගිහාන් ඩයස් ඊට සමාන අදහසක් පළ කරමින් බීබීසී සිංහල වෙත පැවසුවේ, නව තාක්ෂණය පිළිබඳ දැනුම ඇති පුද්ගලයින්ට මෙය ගැටලුවක් නොවන බව ය.

"18 වන සියවසේ වුණත් යාන්ත්‍රිකකරණය හින්දා මිනිස්සුන්ගේ රැකියා නැති වුණා... IT සෙක්ටර් එකේ හුඟක් අයටත් දැන් බයක් ඇවිල්ලා තියෙනවා, මට ජොබ් එකක් නැති වේවි ද කියලා. කෘත්‍රිම බුද්ධිය නිසා මගේ රැකියාව පරිගණකයකින් ම කෙරේවි ද කියලා. මේක ඇත්තට ම සාධාරණ බයක්," ඔහු පැවසීය.

'අපේ හොඳ ම නායකත්වය ලංකාවෙන් ගියා'
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටි ප්‍රමුඛයින් රට හැර ගිය බව Sysco Labsහි කළමනාකාර අධ්‍යක්ෂ තුෂෙර කවුඩවත්ත සඳහන් කළේ ය.

එය වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ලබීමට තිබුණු අවස්ථා අහිමි කළ බව ඔහුගේ අදහසයි.

උසස් පෙළ නොකර ම වයස අවුරුදු 19 වන විට උපාධිධරයෙක් වන්නේ කෙසේ ද?
"එතකොට ලංකාවේ ආයතනවල නායකත්ව තනතුරුවල පරතරයක් නිර්මාණය වුණා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඉන්න අයට හැකියාවක් නැහැ කියලා. සමහර විට එයාලා ඒ තනතුරු භාර ගන්න තරම් පරිණත නැතුව ඇති. එහෙම නැත්නම් ඒ තනතුරට එන්න තරම් පුහුණුවක් නැතුව ඇති," ඔහු තම අත්දැකීම් ඇසුරින් පැහැදිලි කළේ ය.

ඒත් සමග ආයතනවලට තම ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කිරීමට නොහැකි වූ බව ඔහු පැවසීය.

බොහෝ ආයතන ශ්‍රී ලංකාව වෙත යොමු වන්නේ අඩු වියදමකින් ශ්‍රමය ලබා ගැනීමට නමුත් කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් දැන් ඔවුන්ගේ එම අවශ්‍යතාව වෙනස් වී ඇති බව මහාචාර්ය ගිහාන් ඩයස් පෙන්වා දුන්නේ ය.

AI හේතුවක් ද?
"දැන් හරි ම සරල දේවල් කරනවා නම්, ඒවා අපිට පුළුවන් කෘත්‍රිම බුද්ධිය හරහා කරන්න. ඒ වුණාට වඩා සංකීර්ණ දේවල් තියෙනවා නම් ඒවා තාම කරන්න බැහැ. සමහර වෙලාවට තව අවුරුදු කිහිපයක් යනකොට ඒවත් කෘත්‍රිම බුද්ධියෙන් කෙරෙන්න පුළුවන්," මහාචාර්ය ගිහාන් ඩයස් පැවසීය.

නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීමට කෘත්‍රිම බුද්ධිය සත්‍ය වශයෙන් ම බලපා තිබේ ද?

මායා බීබීසී සිංහල වෙත පැවසූ පරිදි, කෘත්‍රිම බුද්ධිය තම රැකියාව අහිමි වීමට බලපෑවේ ද යන සැකය ඇය තුළ විය.

නමුත් තුෂෙර කවුඩවත්ත පවසන පරිදි රැකියා කප්පාදුව පසුපස ඇති "සැබෑ හේතුව" එය නොවෙයි.

AI නිසා සිදුවන සේවක කප්පාදුවෙන් සිහින බොඳ වන මධ්‍යම පාන්තිකයෝ
ඔහු පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය මහා පරිමාණ සමාගම්වලට ඔවුන්ට අවශ්‍ය නොවන පුද්ගලයින් සේවයෙන් පහ කිරීමට නිදහසට කරුණක් බවට පත්ව ඇති බව ය.

කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය නිසා බලපෑමට ලක්වන රැකියා පවතින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"ඇත්තට ම අපි කෘත්‍රිම බුද්ධියට ආයෝජනය කරනවා නේ. එතකොට ඒකෙන් යම් ප්‍රතිලාභයක් එන්නේ, වැඩකට දරන උත්සහය අඩු කරන එකෙන් නේ. පැහැදිලිව ම සමහර රැකියා තියෙනවා – හැම රැකියාවක් ම නෙවෙයි. සමහර රැකියාවල අවශ්‍යතාව නැති වෙලා තියෙනවා," තුෂෙර කවුඩවත්ත පැහැදිලි කළේ ය.

"ඒකෙන් එයාලට වාසි දෙකක් එනවා. එකක් තමයි, ඔව් මේ පද්ධතිය පිරිසිදු වෙනවා. දෙවනුව ඔවුන් ජනතාවට පණිවිඩයක් දෙනවා අපි දැන් AI පාවිච්චි කරන ආයතනයක් වගේ කියන එක."

මහාචාර්ය ගිහාන් ඩයස් පෙන්වා දුන්නේ, "යාන්ත්‍රිකකරණය" හේතුවෙන් කෙනෙකුගේ රැකියා අහිමි වුව ද වෙනත් රැකියා අවස්ථා නිර්මාණය වන බව ය.

විසඳුම කුමක් ද?
අද පමණක් නොව අනාගතය දෙස ද බලා තීරණ ගැනීම රැකියා සුරක්ෂිතභාවය ඇති කරන බව මහාචාර්ය ගිහාන් ඩයස් පැවසීය.

"අපි බලන්න ඕනේ මේක අද විතරක් නෙවෙයි, තව අවුරුදු දෙකකින්, තුනකින්, පහකින් මොන වගේ තත්ත්වයකට පත් වෙයි ද, ඒ තාක්ෂණය මොන විදිහට හැරෙයි ද හැරෙන පැත්තට අපි නැඹුරු වෙලා තියෙනවා ද කියලා.

"ඒ වගේ ම අපිට පුළුවන් ද අලුත් තාක්ෂණය යොදවලා අපේ වැඩේ කර ගන්න? එහෙම හිතන කට්ටියට මම හිතන්නේ ප්‍රශ්නයක් වේවි කියලා," ඔහු පැහැදිලි කළේ ය.

තුෂෙර කවුඩවත්ත ද ඊට සමාන අදහසක් පළ කළ අතර ඔහු පෙන්වා දුන්නේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තව තවත් දියුණු වන අතර ඊට සමගාමීව රැකියා සඳහා පවතින ඉල්ලුම ද ඉහළ යන බව ය.

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී ඔබේ අනාගත ඉලක්ක ජය ගැනීමට දැනගත යුතු කරුණු
"ඒ වැඩි වෙන්නේ දැන් තියෙන ස්කිල්ස්වලට නෙවෙයි. ඒ නිසා අන්න ඒ වෙනස අපි ඇති කර ගන්න ඕනේ දැන් ම ඉඳලා ම," ඔහු පැහැදිලි කළේ ය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවන පුළුල් වීම හේතුවෙන් Cyber Security සහ Data Engineering වැනි අංශවල රැකියා සඳහා පවතින ඉල්ලුම ද ඉදිරියේදී ඉහළ යනු ඇති බව ඔහු පැවසීය.

එමෙන් ම, ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අංශය තවමත් ඩිජිටල්කරණය නොවී ඇති පසුබිමක දැනට පවතින සේවක ධාරිතාව ඒ සඳහා ප්‍රමාණවත් නොවනු ඇති බව ඔහුගේ අදහසයි.

"ලංකාවේ අපි ගමු හැම රාජ්‍ය ආයතන... රෝහල්, පාසල්... ඒවා තවමත් ඩිජිටල්කරණය වෙලා නැහැ. ඒවා ඩිජිටල්කරණය කරන්න නම්, දැවැන්ත ශ්‍රම බළකායක් අවශ්‍යයි. ඒ දිහා බැලුවොත් අපිට ධාරිතාව මදි."

බීබීසී සිංහල සමග සංවාදය අවසන් කරමින් තුෂෙර කවුඩවත්ත පැසුවේ, "දැනට තියෙන ගැටලුව උඩ, තීරණයක් අරගෙන අපි කිව්වොත්, නෑ IT නෙවෙයි පාර කියලා, ඒක වැරදි තීරණයක්. මොක ද ITවලට තියෙන ඉල්ලුම, දිගට ම වැඩි වෙනවා."

එසේ වුව ද තමන් ඉදිරියේ ඇති අභියෝග භාර ගැනීමේ සූදානමින් පසුවන මායා වැනි තරුණ තරුණියන් පවසන්නේ, "අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම" වෙනුවට වඩාත් "යුක්තිසහගත" තීරණයක් ආයතනවලට ඔවුන් වෙනුවෙන් ගැනීමට ඕනෑ තරම් අවස්ථාව පැවති බව ය.

Source - BBC Sinhala