අලුත් වෙන "Siri" ගැන ඇපල් පරිශීලකයින්ට විශේෂ දැනුම්දීමක්..

 ඇපල් සමාගමේ සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන 'Siri' අලුත් වෙන්නයි යන්නේ..


මෙන්න බලන්නකෝ ඒ ගැන ඇසෙන්නේ මොනවගේ කතාවක්ද කියලා.



'Siri' සඳහා නව පෙනුමක් සහ වඩාත් දියුණු කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයක් හඳුන්වා දීමට ඇපල් සමාගම සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2026 වසරේදී නිකුත් වීමට නියමිත මෙම නව යාවත්කාලීන කිරීමත් සමඟ 'Siri' මෙතෙක් පැවති සීමාවන්ගෙන් මිදී වඩාත් බුද්ධිමත් සහායකයෙකු බවට පත්වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

මීට පෙර තිරයේ පහළින් දිස්වූ කුඩා වටකුරු ලාංඡනය වෙනුවට, නව 'Siri' ක්‍රියාත්මක වන විට මුළු දුරකථන තිරයේම දාර (Edges) දීප්තිමත් වන (Glowing Light) ආකර්ෂණීය පෙනුමක් ලබා දී තිබෙනවා. මෙය පරිශීලකයාට වඩාත් සජීවී අත්දැකීමක් ලබා දෙනු ඇතියි.

වඩාත් පුදුම සහගත පුවත වන්නේ ඇපල් සමාගම සිය Siri සහායකයා බලගැන්වීම සඳහා ගූගල් සමාගමේ 'Gemini' AI තාක්ෂණය භාවිතා කිරීමට ගිවිසුම් ගත වීමයි. මේ හරහා ChatGPT වැනි චැට්බොට් (Chatbot) අත්දැකීමක් සිරි වෙතින් ලබා ගැනීමට හැකියි.