හෙට සිට දිවයිනේ පළාත් රැසකට තද වැසි : මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක්

 හෙට (17) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.




අද (16) පස්වරු 2.00 ට නිකුත් කරන ලද නවතම පුරෝකථනයට අනුව උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි ඇති විය හැකියි.

එමෙන්ම, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සඳහන්.


දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.