232 km/h ක උපරිම වේගයෙන් හමා එන ප්‍රබල 'ගෙසානි' (Gezani) සුළි කුණාටුව මැඩගස්කරයේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වෙමින්

 232 km/h ක උපරිම වේගයෙන් හමා එන ප්‍රබල 'ගෙසානි' (Gezani) සුළි කුණාටුව මැඩගස්කරයේ නැගෙනහිර වෙරළ තීරයට (Toamasina ආසන්නයෙන්) මේ වනවිට ඇතුළු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේ හේතුවෙන් 85,000කට අධික ජනතාවක් පීඩාවට පත් ව ඇති අතර ප්‍රදේශ රැසකට රතු නිවේදනද නිකුත් කර තිබේ.

අවධානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.