දවස් 21න් මුළු ජීවිතයම වෙනස් කරන තත්පර 5 නීතිය (The 5 Second Rule)
අපි හැමෝම දන්නවා අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි කරන්න ඕන දේවල් මොනවද කියලා. උදේම නැගිටින්න, ව්‍යායාම කරන්න, පොත් කියවන්න, තරහ පාලනය කරගන්න වගේ දේවල් කරන්න ඕන බව අපි දන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපි ඒ දේවල් දන්නවා වුණාට ඒවා ක්‍රියාත්මක කරන්නේ නැති එකයි. යමක් කරන්න හදනකොටම මොකක් හරි බලවේගයකින් අපිව ආපස්සට අදිනවා වගේ දැනෙනවා. "හෙට කරමු", "පස්සේ කරමු" කියලා අපි ඒ වැඩ කල් දානවා. අන්න ඒ කම්මැලිකම තත්පර 5කින් නැති කරලා වැඩේ පටන් ගන්න උදව් වෙන ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රමයක් තමයි "5 Second Rule" කියලා කියන්නේ.
මෙල් රොබින්ස් (Mel Robbins) නම් කාන්තාව විසින් හඳුන්වා දුන් මෙම සංකල්පය මේ වන විට ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත වෙනස් කිරීමට සමත් වී තිබෙනවා.
මොකක්ද මේ 5 Second Rule එක?
මේක ඉතාම සරල නමුත් බලගතු ක්‍රමයක්. ඔබට යම්කිසි දෙයක් කරන්න ඕන කියලා හිතුණු ගමන්ම, ඔබේ මොළය ඊට විරුද්ධ වෙන්න කලින් 5 සිට ආපස්සට ගණන් කරන්න පටන් ගන්න (5 - 4 - 3 - 2 - 1). අන්තිම ඉලක්කම (1) කියනකොටම රොකට් එකක් උඩ යනවා වගේ ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන.
මෙහි රහස වන්නේ අපි ආපස්සට ගණන් කරනකොට අපේ මොළයට නිදහසට කරුණු හිතන්න වෙලාවක් නොලැබීමයි. ගණන් කිරීමත් එක්ක මොළය කාර්යබහුල වෙන නිසා කම්මැලිකම එන්න කලින් අපි වැඩේ පටන් අරන් ඉවරයි.
මෙය විද්‍යාත්මකව ක්‍රියාත්මක වන ආකාරය
අපේ මොළය සැකසී ඇත්තේ අපිව දියුණු කිරීමට නොව අපිව ආරක්ෂා කිරීමටයි. මොළය කැමති නෑ අපි අලුත් දේවල් උත්සාහ කරනවාට හෝ මහන්සි වෙනවාට. මොළයේ "Basal Ganglia" කියන කොටස මගින් අපිව පුරුදු විදිහටම (Auto-pilot mode) තියාගන්න උත්සාහ කරනවා. නමුත් අපි "5-4-3-2-1" කියලා ගණන් කරනකොට, මොළයේ තීරණ ගන්නා කොටස වන "Prefrontal Cortex" එක අවදි වෙනවා. මේ හරහා මොළයේ පාලනය ඔබේ අතට ගන්න පුළුවන් වෙනවා.
5 Second Rule එකෙන් ලබාගත හැකි ප්‍රයෝජන
උදේම නැගිටීමේ සටන ජය ගැනීම: එලාම් එක වැදුණු ගමන් තවත් විනාඩි 10ක් නිදාගන්න හිතන්නේ නැතුව, ඇස් ඇරුණු ගමන්ම 5-4-3-2-1 කියලා ගණන් කරලා ඇඳෙන් බිමට බහින්න. මෙය දවසේ පළමු ජයග්‍රහණයයි.
බිය සහ අවදානම ජය ගැනීම: මීටින් එකකදී අදහසක් කියන්න හෝ කාටහරි කතා කරන්න බය හිතෙනවා නම්, බය හිතෙන්න කලින් 5-4-3-2-1 කියලා ක්‍රියාත්මක වෙන්න. ධෛර්යය තියෙන්නේ ඔබ ගණන් කරන තත්පර 5 ඇතුළේ පමණයි.
නරක පුරුදු පාලනය: පැණි රස කෑමක් කන්න හෝ දුරකථනය අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්න හිතුණු ගමන්, ඒ ආශාව ආපු මුල් තත්පර කිහිපයේදීම 5-4-3-2-1 කියලා හිත වෙන පැත්තකට යොමු කරන්න.
කේන්තිය පාලනය: කාටහරි බනින්න කලින් තත්පර 5ක් ගණන් කරන්න. එවිට මොළයේ හැඟීම් පාලනය කරන කොටස සංසුන් වී බුද්ධිමත්ව වැඩ කරන්න ඔබට ඉඩ ලැබෙනවා.
විශ්වාසය ගොඩනැගීම: තමන්ටම වී පරොන්දු ඉටු කරන විට තමන් ගැන විශ්වාසය ගොඩනැගෙනවා. පොඩි පොඩි දේවල් කල් නොදමා කරන විට ලොකු විශ්වාසයක් ඇති වෙනවා.
දවස් 21 අභියෝගය (21 Days Challenge)
විද්‍යාත්මකව සොයාගෙන ඇති ආකාරයට පරණ පුරුද්දක් අයින් කරලා අලුත් පුරුද්දක් හදාගන්න දවස් 21ක් එක දිගට එය කරන්න ඕන. ඒ නිසා අද ඉඳන් දවස් 21ක් යනකම් ඔබට කම්මැලිකමක්, බයක් දැනෙන හැම වෙලාවකම මේ "5 Second Rule" එක පාවිච්චි කරන්න.
ජීවිතය වෙනස් වෙන්න අවුරුදු ගණනක් යන්නේ නැහැ; ඒකට යන්නේ තත්පර 5යි. ඒ තත්පර 5 පාලනය කරන්න පුළුවන් නම් මුළු ලෝකයම ඔබේ අතේ.
