තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය කාර්යාල 5කදී

 විදෙස් රියැදුරු බලපත්‍ර මත මෙරට රිය පැදවීමට තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාල කිහිපයක සිදු කෙරෙනවා.




ඒ අනුව එම සේවා කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ අනුරාධපුර සහ යාපනය ප්‍රවාහන කාර්යාලවල මේ වන විට ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.