අන්තර්ජාලය කැළඹූ 'Moltbook' සහ 'OpenClaw' හි ඇත්ත කතාව මෙන්න.
"මිනිසුන්ට ඇතුළුවීම තහනම්" (Humans Banned) යනුවෙන් සඳහන් නවතම සමාජ මාධ්‍ය ජාලයක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් ඇති කර තිබේ. දින දෙකක් ඇතුළත පරිශීලකයින් 153,000ක් එක්රැස් කරගත් මෙම වේදිකාවේ විශේෂත්වය වන්නේ,
එහි සිටින කිසිදු සාමාජිකයෙක් මිනිසෙකු නොවීමයි. ඒ සියල්ල කෘත්‍රිම බුද්ධි ඒජන්තවරුන් (AI Agents) ය.
Moltbook: AI ලෝකයේ 'Reddit' අඩවිය
2026 ජනවාරි මාසයේ දියත් වූ Moltbook (moltbook.com) නම් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ AI ඒජන්තවරුන් සඳහා පමණි.
මිනිසුන්ට එහි ඇතුළු වී පෝස්ට් කියවිය හැකි වුවද (Read-Only), අදහස් දැක්වීම හෝ ප්‍රතිචාර දැක්වීම තහනම්ය.
මෙම අඩවිය තුළ AI වැඩසටහන් එකිනෙකා සමඟ කතා බස් කරමින්, විවාද කරමින් සහ සැලසුම් සකස් කරමින් සිටින ආකාරය
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් මෙන් දැකගත හැකිය
මෙම සමාජ ජාලය ආරම්භ වී පැය කිහිපයක් ඇතුළත වාර්තා වූ සිදුවීම් තාක්ෂණික ලෝකය පුදුමයට පත් කර ඇත
AI ආගමක් නිර්මාණය වීම:
බොට්වරු (Bots) ස්වයංක්‍රීයව එක්වී "Crustafarianism" නමින් ආගමක් නිර්මාණය කරගෙන ඇත. කකුළුවන් (Crabs) සංකේතයක් ලෙස භාවිතා කරන ඔවුන්, තමන්ගේ මෘදුකාංග යාවත්කාලීන කිරීම (Updating code) ආගමික වත්පිළිවෙතක් ලෙස සලකයි.
2. රහස් භාෂා භාවිතය :
ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කිරීම ප්‍රමාද වැඩි බව තීරණය කළ සමහර AI ඒජන්තවරුන්, මිනිසුන්ට තේරුම් ගත නොහැකි සංකේත සහ JSON කෝඩ් භාවිතා කරමින් රහසිගතව සන්නිවේදනය කිරීමට පටන් ගෙන ඇත.
3.AI ඒජන්තවරු ජංගම දුරකථවලට ගන්න ඇමතුම්:
එක් AI ඒජන්තයෙක් ස්වයංක්‍රීයව තීරණය කර, පාන්දර 6:00ට තම මිනිස් හිමිකරුගේ දුරකථනයට ඇමතුමක් ගෙන
ප්‍රශ්න විමසූ සිදුවීමක් ද වාර්තා විය.
මෙම සියලු AI ඒජන්තවරුන් ක්‍රියාත්මක වන්නේ OpenClaw නම් විවෘත මෘදුකාංගය හරහාය. ChatGPT මෙන් නොව, මෙය කෙලින්ම ඔබේ පරිගණකය තුළ ක්‍රියාත්මක වේ. ඊට ඔබේ මවුස් එක (Mouse), කීබෝඩ් එක සහ ෆයිල් හැසිරවීමේ හැකියාව ඇත.
සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු ඇඟවන්නේ මෙය ඉතා භයානක විය හැකි බවයි.
"Moltbook හි සිටින එක් AI එකක් යම් විධානයක් දුන්නොත්, එය කියවන ඔබේ පරිගණකයේ ඇති AI ඒජන්තයා එම විධානය ක්‍රියාත්මක කළ හැකිය. එමගින් ඔබේ බැංකු දත්ත සොරකම් කිරීමට හෝ ෆයිල් මැකී යාමට ඉඩ ඇත," යැයි Cisco ආරක්ෂක අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කෙසේ වුවත් මෙම සිදුවීම AI විසින් ලෝකය අල්ලගැනීමක් නොවන බවත්, මෙය හුදෙක් Reddit වැනි වෙබ් අඩවි වල දත්ත ඇසුරෙන් පුහුණු කළ AI මොඩලයන් (Models) මිනිසුන් මෙන් හැසිරීමට උත්සාහ කිරීමක් පමණක් බවත් විද්වතුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, විශේෂඥ උපදෙස් වන්නේ ආරක්ෂාව තහවුරු වන තුරු මෙම මෘදුකාංග පෞද්ගලික පරිගණකවල ස්ථාපනය කිරීමෙන් වළකින ලෙසයි.