උපත් පාලන පෙති සහ කොපු සදහා බද්දක්

චීනයෙන් අලුත් බද්දක්: උපත් පාලන කොපු සහ පෙති මිල ඉහළට

2026 වසර ආරම්භයේදීම චීනය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තීරණයක් ගෙන තිබේ. එනම් මෙතෙක් නොමිලේ හෝ ඉතා අඩු මිලට ලබාදුන් උපත් පාලන කොපු (Condoms) සහ උපත් පාලන ක්‍රම සඳහා 13% ක අගය එකතු කළ බද්දක් (VAT) පැනවීමයි.

මෙයට හේතු වී ඇත්තේ චීනයේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහත වැටීමයි. මෙම පුවතත් සමඟ චීන වැසියන් අන්තර්ජාලය ඔස්සේ විවිධ විවේචන එල්ල කරන අතර, බොහෝ දෙනෙක් කලින්ම මේවා මිලදී ගෙන තොග රැස් කර ගැනීමටද පටන් ගෙන ඇත.

කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ මෙම පියවරෙන් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගැනීම අපහසු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ උපත් පාලන කොපුවක මිලට වඩා දරුවෙකු හැදීමට යන වියදම අතිවිශාල බව රජය වටහා ගත යුතු බවයි.