බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු රෝහලට

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක, කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයේ ඩෝසර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලක් කර තිබේ.



 එක් සිසුවෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට ද වාර්තා වෙයි.

ඩෝසර් රථය පාසල් බැම්මේ ගැටීමත් සමඟ එය කඩා වැටි ඇති අතර ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු මෙසෙල තුවාල ලබා ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි.

48 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඩෝසර් රථය පොලිස් භාරයේ ඇති බව වාර්තා වේ.