‘ශ්‍රී ලංකාවේ නිදහස් දිනය තමන්ට කළු දිනයක’ කිලිනොච්චියේ විරෝධතා..

 ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනයට සමගාමීව, එය තමන්ට 'කළු දිනයක්' බව පවසමින් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චිය නගරයේදී අද (04) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණි.



උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් සිවිල් සංවිධාන, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.