වර්තමාන මනුෂ්‍ය සමාජයට සිදුවී ඇති විශාලම විනාශය පවුල් ජීවිත බිඳ වැටීමේ ක්‍රමවේදය බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කළුතර ලූර්දු මාතා දේවස්ථානයේ 117 වන වාර්ෂික මංගල්‍ය මහා මහෝත්සවයට සහභාගී වෙමින් පවත්වන ලද දේශනයකදීය.
ශ්‍රී ලංකාව තුළ පවුල් සංස්ථාව බිඳ වැටීම අද වන විට ඉතා භයානක අන්දමින් පැතිර යන වසංගතයක් බවට පත්වී ඇති බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
කිසිදු තේරුමක් නොමැතිව, හුදෙක් හැඟීම්වලට, රූපයට හෝ පෙනුමට පමණක් වහල් වී විවාහ වන බොහෝ දෙනෙකු කෙටි කලකින් එම බැඳීම් අතහැර දමන තත්ත්වයක් අද වන විට රට තුළ ජනිත වෙමින් පවතින බව ද උන්වහන්සේ සඳහන් කළහ
