හොරණ දොඹගොඩ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ සාජන් මේජර්වරයකු අද (09) දහවල් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කේ. එල්. සුරේෂ් කැලුම් (34) නමැති දෙදරු පියෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු හල්තොට, තුත්තිරිපියිය, මිල්ලනිය පදිංචි අයෙක් වන අතර දිනපතා නිවෙසේ සිට රාජකාරියට පැමිණෙන අයෙක් බවද පොලිසිය සඳහන් කරනවා.
බලලත් නිලධාරි 2 තනතුරේ සේවය කරන මෙම නිළධාරියාට එම තනතුර ලැබී දින හතරක් පමණ වන බව ද සඳහන්.
අදාල නිලධාරියාගේ පෞද්ගලික හේතුවක් මත මෙම වෙඩි තබාගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට දේහය සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය සදහා හොරණ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ගොස් තිබෙනවා.
