කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් හත් දෙනෙකු පමන මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්ය.
ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.