මහ පාරේ අලි වලියක්

 දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඊයේ (04) පස්වරුවේ වන අලින් දෙදෙනෙකු වරින් වර මහමගට පැමිණ ගැටුම් ඇතිකර ගන්නා ආකාරයක් දැකගන්නට ලැබුණු බවට වාර්තා වෙයි.




මෙහි විශේෂත්වය වන්නේ, මේ අවස්ථාවේදී මහ මඟ ගමන් කරන වාහන බොහොමයක් නවතා අලි දෙදෙනා අතර ඇතිව තිබූ ගැටුම දැක බලා ගැනීම විශේෂත්වයක්.

දිගම්පතහා ප්‍රදේශයේ නිරන්තරයෙන්ම මෙම වන අලින් දෙදෙනා ස්ථාන දෙකකින් මහ මග ගමන් කරන ජනතාවගෙන් ආහාර ඉල්ලා කෑමට පුරුදුව සිටින අතර මොවුන් දෙන්නාට ‘ඉල්ලං කන්නා’ යන නම ද පටබැඳී තිබෙන බවයි ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ.

‍ස්ථාන දෙකකින් මගට පිවිසෙන මොවුන් දෙදෙනා ඊයේ (04) එකම ස්ථානයකට පැමිණීම නිසා මේ ආකාරයෙන් ගැටුම හට ගෙන ඇති බවට අනුමාන කළ හැකි බව ගම්වාසීන් සඳහන් කළා.