අද දවසට වඩා හෙට දවස වෙනස් වෙන්න පුළුවන්.. කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

 මේ කියන්න යන්නේ හෙට සිට වෙනස් වෙන්න යන කාලගුණය ගැන ඔබට විශේෂ පණිවිඩයක්.




හෙට දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුනු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් අද වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු - මැද සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.