හේමාල් ගැන ගුරැතුමා චරිත සහතිකයක් දෙයි

හේමාල් රණසිංහ ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වුණා ඒ පසුගිය දිනයක ඔහු සිනමා විචාරකයකුට පහර දීමේ සිද්දියත් සමගයි. බොහෝ දෙනා ඔහු ගැන විවිධ විවේචන ඉදිරිපත් කරද්දි හේමාල්ගේ ආදරණිය ගුරැතුමා සරත් පුන්චිහේවා හේමාල් ගැන පළ කර සටහනයි මේ..



 මේ තමයි හේමාල්....❤️

ඔහු ගැන  වයිරල් වෙන  බොහෝ පෝස්ටු බැලුවා.මේ දවස් ටිකේම.


 7/8 පන්තිවලදිත් ඊට පස්සේ සාන්තතෝමසුවේ රගර් ගසමින් උසස් අධ්‍යාපනය ලබන කාලෙත්  දැනුත් ඉඳ හිට හරි හමුවන "අපේ සර් " කියලා  බදාගන්න ,කරට අත දාගන්න මට වඩා උස (හැම අතින්ම) හේමාල් ගැන අපිට වඩා දන්න උන්  ඉන්න විදිහක් නෑ.


සිදුවීම දන්නේ නැතිවුනත් අපේම එකෙක් වූ අනිල් කියලා තිබුණු හැටියට විචාරකයෙක් කියන කෙනෙකුයි සිද්ධියට සම්බන්ධ.


අනිල් කියූ දේ අනුව මට  කියන්න  ඇත්තේ  නුඹේ හතේ අටේ පන්තිභාර ගුරුවරයා ලෙස මෙපමණයි.


නුඹට තරම් නැති මිනිසෙකුගේ ක්‍රියාවක් නොසලකා හරින්න තරම්  නුඹ දක්ෂ බවයි. ඒ  බව හිතට ගත යුතු බවයි.


සිනමාවේ සක්විති කිරුළ තව දුර නෑ නුඹට... 

ඒ කිත් යසස් ලබන දවසේ මා  සිටියත් නැතත් නුඹට ආශිර්වාද කරමින් සුරකින මහා පව්වක්  ලොව පුරා සැකසී  තියෙනවා.


මා පුතනු  නුඹ ආදරණීය කෙනෙක්


ඉතිං  ඉවසන්න.


මේ ඡායාරූප  මම දැම්මේ නුඹේ ගුරු ගෞරවයේ තරම ලොවට කියන්නයි.


මේ තමයි හේමාල් රණසිංහ ❤️