මෝදර මහල් නිවාසයේ ඉහළ මහලින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් වැදී දරුවෙක් මියයයි

 මෝදර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.




මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 07ක දරුවෙක්. 

ඊයේ (4) සවස මෙම අනතුර සිදුව ඇති අතර නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටි දරුවාගේ සිරුර මතට මෙසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.