මාරක රිය අනතුරකින් පියා සහ පුතා මරුට

 පින්නදුව සිට ගාල්ල දෙසට ධාවන වු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ගාල්ල දෙස සිට පින්නදුව දෙසට ධාවනය වු යතුරුපැදියක් පින්නදුව අධිවේගී පිවිසුම් මාර්ගයේ නුගදුව විදුලි සංඥා කණුව ආසන්නයේ දී ඊයේ (05) රාත්‍රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.




මෙම මාරක රිය අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ඉදිගස්දෙණිය වලහන්දුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයායි.


යතුරුපැදියේ ගමන් කල 23 හැවිරිදි තරුණයෙකු අනතුරින් බරපතල තුවාල ලබා ගාල්ල ජාතික රෝහල් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසනවා.


අනතුරින් මෝටර් රථයට මෙන්ම යතුරුපැදියටද බරපතල හානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ 28 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.