කොළඹ පදිංචිකරුවන්, ආදාහන සහ භූමිදාන ගාස්තුවලින් නිදහස්

 කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ‍ සුසාන භූමිවල ආදාහන සහ භූමදාන කටයුතු සදහා මින් ඉදිරියට මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා. 




මින් පෙර මෘතදේහයක් ආදාහනය සදහා රුපියල් දස දහසක මුදලක්ද, භූමදානයේදී රුපියල් 300 කද මිලක් අයකළ අතර, ඉදිරියේදී එම මුදල් අයනොකිරීමට පියවර ගෙන ඇති බවයි කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් කියා සිටියේ.