කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රෙයන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු විමට පටන්ගෙන තිබෙනවා.
එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතුවීමත් සමග ඒවා දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙමින් සිටිනවා.
ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග ජලාශයේ රොන් මඩ සහ වැලි තම්පත් වී ඇති අයුරු අප කැමරාවේ සටහන් වුණා.
