ප්‍රමුඛ පෙළේ සහල් මෝල් හිමිකරුවෙකු වන මිත්‍රපාල ලංකේශ්වර මහතා, සිය ගුවන් සේවා ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් තවත් නව ගුවන් යානයක් මිලදී ගැනීම සඳහා හෙට (17) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිත මෙම යානය මිලදී ගැනීමේ අවසන් අදියරේ සාකච්ඡා සඳහා තමන් මෙලෙස විදේශගත වන බව ඒ මහතා තහවුරු කළේය.
ලංකේශ්වර මහතා 'කියා සිටියේ, ලොව ප්‍රමුඛතම හෙලිකොප්ටර් නිෂ්පාදන සමාගමක් වන ඇමරිකාවේ රොබින්සන් හෙලිකොප්ටර් (Robinson Helicopter) සමාගම නිෂ්පාදනය කරන ලද යානයක් තමන් එහිදී පරීක්ෂා කිරීමට නියමිත බවයි.
මීට පෙර, 2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට ද සහභාගී වූ ඒ මහතා, එහිදී සිය ගුවන් සේවා මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ගවේෂණයක නිරත විය.
