තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නම භාවිත කරමින් විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව, සමාජ මාධ්‍ය ජාල සහ වට්සැප් (WhatsApp) සමූහ හරහා සංසරණය වන මෙම පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ව්‍යාජ ඒවා බවත්, ඒ පිළිබඳව මහජනතාව දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු බවත් අමාත්‍යාංශය අවධාරණය කරනවා.
එහිදී, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් කිසිදු විදේශ රැකියා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොකර අතර, කිසිදු අවස්ථාවක රැකියා සඳහා මුදල් එකතු කිරීමක් සිදු නොකරන බවත්, ව්‍යාජ පුවත් සමඟ සංසරණය වන බැංකු ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් එම නිවේදනය මගින් දැනුම් දෙනවා.
අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ ජාවාරම්කරුවන් අමාත්‍යාංශයේ නම සහ නිලධාරීන්ගේ යැයි හැඟවෙන ගිණුම් අංක අවභාවිත කරමින් ජනතාව මුලාවට පත් කරමින් සිටින බව හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව, මෙම කූඨ ව්‍යාපාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් දැනටමත් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී. එබැවින්, මෙවැනි වංචනිකයින්ට හසු වී තම මුදල් හා දේපළ හානි කර නොගන්නා ලෙසත්, සැකකටයුතු තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අමාත්‍යාංශය විශේෂ ඉල්ලීමක් සිදුකරයි.
