විවේචන හමුවේ නිහඩව සිටි පියුමිගෙන් සැර පිළිතුරක්

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පසුව ත්‍රිරෝද රථ රියැදුරකුට පහරදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හයදෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය ඊයේ (11) පස්වරුවේ නියෝග කළා.

මේ නිසා සමාජ ජාලා තුළ පියුමි හංසමාලිගේ පුත්‍රයා ගැන විවිධ විවේචන එල්ලා වුණා. මෙතෙක් නිහඩව සිටි පියුමි නිහඩතාවය බිදිමින් විවේචන වලට පිළිතුරැ දුන්නේ මෙහෙමයි!


 "මගෙ දරැවා දැකලා නැති අයටයි බලා ගන්න දැම්නෙ මෙ ඉන්නෙ මගෙ පුතා මගෙ පුතා කිසිම කෙනෙක්ට ගහන්නෙ මෙ video එකෙ bike එක හදන්න දාන්න ගාරාජ් එකට ගිය වෙලෙ එතන ඇතුවුන රංඩුව දැකලා පුංචියට හිටියට මැද්දට පැන පැන බෙරන්නෙ මගෙ පුතා.. බලන් යනකොට ලංකාවෙන් බාගයක්ම මගෙ පුතාව දැකලම නැ කවදාවාත්.. දැකලා නැති අයට බලා ගන්න මම දැම්මා පුතාව හොදටම පෙන්න ගිහින් බලන්න.."