අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඩුවම නියම වූ අයට ජනපති සමාව දිය යුතුයි - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ඉල්ලීමක්

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූ 12 දෙනාට ජනපති සමාව දිය යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසනවා.




ඔහු පෙන්වා දෙන්නේ අරගලය වෙනුවෙන් පෙනී සිටි තමා ඇතුළු සියලු දෙනාම එම සිදුවීමට වගකිව යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවන් 41 දෙනා අතුරින් 12 දෙනෙකුට
ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී මරණ දඬුවම නියම කෙරුණේ පසුගිය 10වැනිදායි.

එහිදී තවත් විත්තිකරුවන් සිව් දෙනෙකුට වසර 5කට අත්හිටුවූ මාස 6ක සිරදඬුවම් නියම කෙරුණා.

මෙම නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් වූ අතර විත්තිකරුවන් 23 දෙනෙකු නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කෙරුණේ.

එවැනි පසුබිමක මෙම නඩුවේ මරණ දඩුවම හිමි වූ 12 දෙනාට ජනපති සමාව දිය යුතු බවයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසා සිටින්නේ