රත්න සහල් අධිපති පුද්ගලික ගුවන් යානයක් මිලට ගනී

 රත්න සහල් ව්‍යාපාරයේ අධිපති, ප්‍රමුඛ පෙළේ කෘෂි ව්‍යවසායක මිත්‍රපාල ලංකේශ්වර මහතා සිය වාණිජ මෙහෙයුම් වෙනුවෙන් පෞද්ගලික ජෙට් යානයක් මිළදී ගැනීමට පියවර ගනිමින් සිටී. මිළදී ගැනීමට අපේක්ෂිත මෙම කුඩා ප්‍රමාණයේ යානය, ආසන 6ක් හෝ 7කින් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.



මෙම ආයෝජනය හුදෙක් සුඛෝපභෝගී භාණ්ඩයක් සන්තක කරගැනීමට වඩා, ව්‍යාපාරික විධායකයින්ගේ වටිනා කාලය ඉතිරි කරගැනීම සඳහා ගත් තීරණයක් බව ලංකේශ්වර මහතා පෙන්වා දෙයි.