පොරෝ පහරකින් පාසල් සිසුවියක් මරුට

 තඹාල ප්‍රදේශයේ පාසල් සිසුවියකට නිවස තුළදීම පොරවකින් පහරදීම හේතුවෙන් දින කිහිපයකට පසුව ඇය මරණයට පත්ව ඇති බව පුලස්තිගම පොලිසිය පවසනවා.




මියගොස් ඇත්තේ තඹාල පදිංචිව සිටි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක්.

ඇය ඉකුත් 17 වැනිදා උපකාරක පන්තියකට සහභාගී වී නැවත නිවසට පැමිණ සිටිියදී යාබද නිවසේ පදිංච් 26 හැවිරිදි තරුණයකු විසින් පොරවකින් ඇයගේ හිසට පහර දී තුවාල සිදුකර ඇති බවයි පුලස්තිගම පොලිසිය පැවසුවේ.


පොරෝ පහරින් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලැබු සිසුවිය අද (04) වැනිදා පොලොන්නරුව රොහලේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙ⁣ම ඝාතනයට⁣ තඹාල ප්‍රදේශයේ පදිංචි තරුණයකු සැකපිට අත්අඩංගුවටට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළ පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සහ පොලොන්නරුව කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහගේ උපදෙස් මත පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි.රාජපක්‍ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.