ඉන්දු - පාකිස්ථාන තරගය නිසා ව්‍යාපාරික ජෙට් යානා රැසක් මෙරටට ඇවිත්

 ඉන්දියාවට ජයග්‍රහණය අත්කර දෙමින් අද (15) නිමාවට පත්වූ ඉන්දු - පාකිස්ථාන පන්දුවාර 20 ලෝක කුසලාන තරගය නැරඹීම සඳහා ව්‍යාපාරික ජෙට් යානා රැසක් මෙරටට පැමිණි බව Aviation Voice සඳහන් කරනවා.




මෙම තරගය සඳහා මෙලෙස ජෙට් යානා රැසක් මෙරටට පැමිණීමත් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යබහුල සති අන්තයක් පැවතිය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අද පැවැත්වුණු ඉන්දු - පාකිස්ථාන තරගය සඳහා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිව තිබූ අතර, මෙරට සංචාරක, ගුවන් සේවා සහ ආගන්තුක සත්කාර අංශ සඳහා ඉතා ඉහළ ආදායමක් හිමිකර දීමට සමත් වුණා.