අලි-දුම්රිය ගැටුම් අවම කිරීමේ පියවරක් ලෙස තෝරාගත් දුම්රිය කිහිපයක තාප කැමරා පද්ධති (Thermal camera systems) සවි කිරීමට පියවර ගෙන ඇත.
පරිසර අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර තිබේ. මෙහි තවත් පියවරක් ලෙස දුම්රිය කාලසටහන් ද සංශෝධනය කර ඇත.
නියමු ව්‍යාපෘතියක් ලෙස ආතර් සී. ක්ලාක් ආයතනය හඳුන්වා දුන් මෙම තාප කැමරා පද්ධති, අලි සංක්‍රමණය බහුල දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රිය කිහිපයක සවි කර තිබේ. මෙම පද්ධති සවිකිරීමේ කටයුතු ඊයේ (11) දෙමටගොඩ දුම්රිය අංගනයේදී සිදු කෙරිණි.
