ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

 පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්‍රදේශ සඳහායි දෙවන මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.