මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්ම’ නමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් හයදෙනකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට නියමිතය.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම පිරිස අතර හිටපු ප්‍රබල මන්ත්‍රීවරියක ද සිටින බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වූ තොරතුරු මත මෙම පියවර ගෙන ඇත. අදාළ දේශපාලනඥයන් කෙහෙල්බද්දර පද්ම සමග ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවට දැනටමත් තොරතුරු අනාවරණය වී තිබේ. ඔවුන් අතර මූල්‍ය ගනුදෙනු සිදුවී තිබේද සහ යම් අපරාධ සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. මේ අතර, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ද ඊයේ (2) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
