අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ නම භාවිතා කරමින් යවනු ලබන වංචනික විද්‍යුත් ලිපි (Emails) පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙම විද්‍යුත් ලිපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද ඒවා නොවන බව තහවුරු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත. මෙවැනි පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වන ලෙසත්, පුද්ගලික හෝ රහස්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
වැඩිදුරටත් සැලකිලිමත් වීමට:
• සැක කටයුතු ඊමේල් ලිපින පරීක්ෂා කරන්න.
• පොලිසිය හෝ CID ආයතනය කිසිවිටෙකත් විද්‍යුත් ලිපි හරහා පුද්ගලික මුදල් හෝ රහස්‍ය අංක ඉල්ලා නොසිටින බව මතක තබා ගන්න.
