ග්‍රැමී සම්මාන උළෙලේදී (Grammy Awards) සිදුකළ විහිළුවක් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විකට නළු ට්‍රෙවර් නෝවාට (Trevor Noah) එරෙහිව නීතිමය පියවර ගන්නා බවට තර්ජනයක්

 ග්‍රැමී සම්මාන උළෙලේදී (Grammy Awards) සිදුකළ විහිළුවක් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විකට නළු ට්‍රෙවර් නෝවාට (Trevor Noah) එරෙහිව නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කර තිබේ.



එම උළෙලේ මෙහෙයවන්නා ලෙස කටයුතු කළ නෝවා මෙසේ පැවසීය


"වසරේ විශිෂ්ටතම ගීතය (Song of the Year) කියන්නේ සෑම කලා කරුවෙකුටම අවශ්‍ය වන ග්‍රැමී සම්මානයක්... හරියට   ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය  වඩා වැඩියෙන් උවමනා වුනා වගේ මොකද එප්ස්ටයින්ගේ දූපත දැන් නැති නිසා, ඔහුට බිල් ක්ලින්ටන් සමඟ කාලය ගත කිරීමට අලුත් දූපතක් අවශ්‍ය වෙලා තියෙනවා."


මෙම ප්‍රකාශය අසත්‍ය සහ අපහාසාත්මක බව පවසමින් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, තමා කිසි දිනක ජෙෆ්රි එප්ස්ටයින්ගේ පෞද්ගලික දූපතට ගොස් නොමැති බවත් ඔහුගේ අපරාධ පිළිබඳව කිසිදු දැනුමක් නොතිබූ බවත් නැවත අවධාරණය කළේය.