ලංකා සීනි සමාගම (Lanka Sugar Company) සිය නුගේගොඩ අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කර තිබේ.
එම ආයතනය ප්‍රකාශ කරන්නේ, කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් සහ පෝය නිවාඩුව හේතුවෙන් අලෙවිසැල කෙටි කාලයකට වසා තැබූ බවයි. මේ වන විට එහි මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කර ඇත
