රුසියාව තම රට තුළ WhatsApp සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ හරහා අන්තර්ජාල අවකාශය කෙරෙහි වැඩි පාලනයක් අපේක්ෂා කර ඇති බව සඳහන් වේ.
Meta සතු WhatsApp සමූහය පැවසුවේ පවසා ඇත්තේ රුසියාවේ මිලියන 100 කට වඩා වැඩි පිරිසක් WhatsApp යෙදවුම පරිශිලනය කරන බවය.
ආරක්ෂක හේතුන් මත බව පවසමින් රුසියාව විසින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම ද සීමා කිරීම ද පසුගියදා සිදුකර තිබුණි.
රුසියාවේ WhatsApp සමාජ මාධ්‍ය තරම්ම පරිශීලකයින් ප්‍රමාණයක් ටෙලිග්‍රෑම් සතුව ද ඇති බවට ගණන් බලා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
